ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

ඔහු සමග දූත පිරිස ලෙස 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැවසුවේ ඔහු ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසීමට නියමිත බවයි.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාලස් මහතා විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සංචාරයේ අරමුණ බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැවසුවේ.