Published
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් පිරිසටද වෙඩි ප්‍රහාර 100ක් පමණ එල්ල කර ඇති බවද එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.
පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව සඳහන්.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.




