අපනයනය කිරීමේ අරමුණින් කංසා වගා කිරීම සඳහා අනුමැති ඉල්ලා ආයෝජකයින් 08 දෙනෙකුගෙන් පමණ යෝජනා ඉදිරිපත් වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම ආයෝජිකයින් අතර විදේශීය ආයෝජකයින් ද සිටින බවයි.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු හරහා ගොඩනැගී ඇති වාසිදායක තත්ත්වය නිවැරදිව කළමනාකරණය කර ගැනීම සඳහා ආයෝජකයින් දිරිගන්වමින් ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අලුතින් නිර්මාණය වී ඇති බි්‍රතාන්‍ය අපනයන වෙළඳපොළ ලබන වසරේදී ජය ගැනීම සඳහා නව සැලසුම් සකස් කරමින් ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා.