Published
කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් තිබූ සැක සහිත බෑගයක් තුළ තිබී ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවිවලට සමාන අවි 3 ක් සහ පිස්තෝල වර්ගයේ අවි 5 ක් එම බෑගය තුළ තිබී සොයාගෙන ඇති බවයි. කෙසේවෙතත් එම ගිනි අවි ව්‍යාජ ඒවා බව සිදුකළ පරීක්‍ෂා කිරීම්වලදි අනාවරණ වූ බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.