Published
පවතින කම්කරු නීතිය වෙනස් කරමින් නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ද වතු පාලන අධිකාරිය සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම ජාතික කම්කරු උපදේශක සභාව සමග ද වතුකරයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.