Published
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ද පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි හා පතරොම් ලබාදීම සහ අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල පළමුවන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි සෙබලෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. කමාන්ඩෝ සලින්ත නමැත්තාගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාල සැකකාර යුද හමුදා කමාන්ඩෝ සෙබලා විසින් ඔහුට ටී-56 පතරොම්, පිස්තෝල පතරොම් සහ යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදා ගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කරදී ඇති බවයි. සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදු කරනු ලබනවා.