අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා නව ව්‍යවසායකයින් රැසක් මේ වසරේ ලියාපදිංචි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

එහෙත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය ඇතුලු ඉකුත් සමයේ සිදු වූ විවිධ ගැටලු හමුවේ බිඳ වැටුනු ව්‍යාපාර නිසි පරිදි නඟා සිටුවීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ ආණ්ඩුව ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති වී තිබෙන බවයි.

මේ අතර පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලාවල සිටින සේවකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හත්වන දිනය අදයි. සෞඛ්‍ය සහ ජවමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.