වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේ ගොවි ජනතාවගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි.

ආණ්ඩුව විපක්ෂය මර්දනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජය සිදු කරන පරික්‍ෂණ විනිවිදභාවයකින් යුතුව සිදු කරන ලෙසයි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳ මේ වන විට රජය සිදු කරන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙලෙස අදහස් පළ කළා.