Published
රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා සංවිධානාත්මත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ සමාජයේ ඇතැම් වැදගත් යැයි ප්‍රකාශිත වෘත්තීන්වල පුද්ගලයින්ද ඒ සඳහා සහභාගී වී සිටින බවයි.
මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මෙරට විවාහ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මේ බව සඳහන් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින්.