පාස්කු ප්‍රහාරයේ පරික්‍ෂණ මේ වන විටත් විධිමත් ආකාරයෙන් සිදු වන බව ජාතික ජන බලවේගයේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයට කළ චෝදනාවකට පිළිතුරු දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිට එවැනි ප්‍රකාශයක් කිරීමේ අයිතියක් පවතින බවයි.

මැතිවරණ සමය තුළදී වර්තමාන රජය පාස්කු ප්‍රහාරයේ පරික්‍ෂණ සම්බන්ධයෙන් දුන් පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බවට ඉකුත් දා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයට චෝදනා කළා.