Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයේ කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ, පකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි. එම ඉලක්කය පන්දුවාර 31යි එක් පන්දුවකදී කඩුලු 03ක් පමණක් දැවී පසුකර යාමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා. මේ අතර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතයි.