Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා - පාකිස්තාන තරඟය අද පැවැත්වෙනවා. සවස 03.00ට මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. කෙසේවෙතත් මෙම තරඟයේ ප්‍රතිඵලය තරඟාවලියේ අවසන් පූර්ව වටයට කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඒ, ඊයේ පැවති තීරණාත්මක තරඟයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීම හේතුවෙන්.
ඒ අනුව ඕස්ටේ්රලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියාව කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.




