ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මේ වනවිට පීඩන අවපාතය මඩකලපුවේ සිට පැ.කි.මි. 120ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අවවාදාත්මක දැනුම්දීමක් සිදුකරමින් ඔවුන් පවසා සිටියේ පීඩන අවපාතතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවද නිවේදනයේ සඳහන් ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ වැඩිදුර සඳහන් වෙයි.
තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.




