කැස්බෑව ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී රැකියා පොළක් හෙට දිනයේ පැවැත්වෙනවා.

හැකියාවටත් රැකියාවටත් අත්වැලක් යන මැයෙන් එම රැකියා පොළ මිනිස් හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන බවයි කම්කරු අමාත්‍යාංශය පැවසුවේ.

එහිදී රැකියා අපේක්‍ෂිතයන් රැකියා අවස්ථා සදහා යොමු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදෙනවා.

එමෙන්ම වෘත්තිය පුහුණුව සහ උසස් අධ්‍යාපනය සදහා යොමු වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණ තරුණියන් සදහා ද අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම එම රැකියා පොළ හරහා ලබා ගැනීමට හැකි බවයි කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.