කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම සිදුවීම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ලේ පිටාර ගැලීමක් සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබලන ඉංජිනේරු ඒ. එච් තුෂාරීගේ මහත්මියගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අඹතලේ ගංවතුර පාලන වේල්ලේ සහ මාළඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර සහ ඉන් ඉහළ පිහිටි පහත්බිම්වල වෙසෙන මහජනතාව කඩිනමින් දැනුවත් කිරීම් සිදුකර, සුදුසු ආරක්ෂිත පියවරවල් ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර, වික්ටෝරියා වේල්ල සහ කැලණි ගඟේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල කැඩී යන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අදාළ අංශ දැනුම් දී තිබෙනවා.
වික්ටෝරියා වේල්ල කැඩීයාමේ අවදානමක් ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බවයි වික්ටෝරියා බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පැවසුවේ.
වික්ටෝරියා බලාගාරයේ විදුලි ජනන කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු පැවසුවා.
මේ අතර සමාජ මාධ්‍ය හරහා පැතිර යන කැලණි ගඟේ දකුණු ඉවුරේ ගංවතුර ආරක්ෂණ වේල්ල පුපුරා යාම සම්බන්ධ පුවතද අසත්‍ය පුවතක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ කලාපයේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
පවතින කාලගුණික තත්ත්වය තුළ මෙවන් අසත්‍ය පුවත් සමාජගත කිරීමෙන් වළකින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළා.
කැලණි ගඟේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වූවා.




