ක්‍රීඩකයින් භාවිත කරන වෙළඳපොළේ ඇති විවිධ පෝෂණ අතිරේක නියාමනය කිරීම සඳහා දැන් අවස්ථාව උදාවී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
ඒ ඔස්සේ ක්‍රීඩකයින් තහනම් උත්තේජක ගැටලුවලට ලක්වීම වළක්වාගත හැකිවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඔහු මෙම අදහස් පළ කළේ ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින්.
කෙසේවෙතත් තහනම් උත්තේජක පරික්ෂණ සිදු කිරීමට අවශ්‍ය නවතම තාක්ෂණික පහසුකම් මෙරට තුළ නොමැති වීම හේතුවෙන් ක්‍රීඩකයින් අපහසුතාවයට පත්වීමේ අවදානමක් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවා.
මේ අතර මදන මෝදක සම්බන්ධයෙන් මේ වන විට පවතින නීතිමය තත්ත්වය පිළිබඳ යළි සලකා බැලිය යුතු තත්ත්වයකට දැන් පත්වෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළා.




