තමා රැස් කළ ශතකයට වඩා කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබඳ අතිශය සතුටට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන්වන එක්දින ක්‍රිකට් තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අවසන් තරගයේදී ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් එහි වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

ඊයේ තමන් ක්‍රියාත්මක කළ ඉනිම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

කණ්ඩායමේ ලකුණු අතර සිටි ක්‍රීඩකයින් වන පැතුම් නිස්සංක, නිශාන් මදුෂ්ක සහ කමිඳු මෙන්ඩිස් ඉකුත් තරග දෙකේදී ලකුණු අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ද කුසල් මෙන්ඩිස් මෙහිදී අදහස් පළ කළා.

කුසල් මෙන්ඩිස් ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබා ගැනීමෙන් පසු ගුවනට හාදුවක් මුසු කිරීමේ සැමරුමක් නිරන්තරයෙන් සිදු කරනවා.

ඒ සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. තරගාවලියට තරග තුනක් ඇතුළත්.