අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සොයා ගෙන තිබෙනවා. කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත සොයා ගත් මෙම ගිනි අවිය විවිධ අපරාධ සඳහා යොදා ගෙන ඇති බවටයි පැවසේන්නේ. ගිනි අවිය සොයා ගෙන ඇත්තේ ඌරගස් මං හන්දිය, කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තිබියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.