අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මේ වන විට රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා. ඒ, තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණය විසින් එම ප්‍රතිඥාව දීර්ඝ කරනු ලැබුවා.
එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 02 වනදා කැඳවන ලෙසද එහිදී විනිසුරු මඩුල්ල නියම කළා.




