2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කල් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයක ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින් එම සාක්ෂි මතම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු එකඟ වුණා.

ඒ අනුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 28 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600 ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඉකුත් යහපලන රජය සමයේ මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණා.