කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඉන්දියාවට පලාගොස් සිටින පලනි රිමෝෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බවට සැක කරන බව පොලීසිය පවසනවා.

කොටහේන, 16 වන පටුමගේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි තබා පලාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ”‍පූකුඩු කන්නා”‍ නැමැත්තාගේ සමීපතමයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

කලක සිට දෙපාර්ශවය අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොටහේන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.