පොලිස් ස්ථාන මාරු සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
පසුගිය පාලන කාලවලදී තමන්ට අවශ්‍ය පරිදි පොලිසිය මෙහෙය වූ පිරිස් පොලිස් ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
පොලිස් ස්ථාන මාරු සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පොලිස් ස්ථාන මාරු සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද උණුසුම් වාද විවාද ඇති වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.
එම චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
පොලිස් ස්ථාන මාරු සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත කල් තැබීමේ විවාදයේදී සැබෑ තත්ත්වය රටට පැහැදිලි වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




