Published
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිදවැටීමක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා.
ඒ අනුව එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්රදේශවලටයි.
බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.
සිදු වූ හදිසි බිඳවැටීම යථාවත්කර අද මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.




