ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උළෙල අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදීයි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක කමිටුවේ සභාපති දීපාල් මොරායස් මහතා.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27වනදා සිට ඔක්තෝබර් 06 වනදා දක්වා පැවැත්වෙනවා. මෙවරද එම පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.