Published
කොළම ඩී.ඇස්.සේනානායක විද්‍යාලය දෙවන වරටත් සංවිධානය කරන සෙන්පති කඨින පූජා මහොත්සවය මේ මස 21,22,23 යන දිනයන්හි කොළඹ 07, බෞද්ධාලෝක විහාර පරිශ්‍රයේ දී සිදු කරනු ලබනවා.
මේ මස 21 වෙනි දින පෙ.ව.8.00 ට කඨින චීවරය පාසලට වැඩම කරවීමෙන් කඨින පූජා පිංකම් මාලාව ආරම්භ වන අතර 22 වන දින පෙ.ව. 8.30 සිට පෙ.ව. 10.30 දක්වා කඨින චීවරය වීදි සංචාරය කිරීමේ දර්ශනීය පෙරහැර පැවැත්වේ.
එදින ප.ව. 5.30 සිට 9.00 දක්වා බෞද්ධාලෝක මහා විහාර පරිශ්‍රයේ දී මහානුභාව සම්පන්න සෙත් පිරිත් දේශනය පැවැත්වේ.
එයින් පසුව 23 වන දින පෙ.ව.5.30 සිට පෙ.ව. 8.00 දක්වා කඨින චීවරය විහාරස්ථානයට වැඩම කරවා
සඝ සතු කොට පූජා කිරීම හා උදෑසන සංඝගත දක්ෂණාව පැවැත්වේ.
කුසල් සිත් පෙරදැරිව මහනීය වූ මෙම පිංකම් මාලාවට එක් වන ලෙස ඔබ සැමට කොළම ඩී.ඇස්.සේනානායක විද්‍යාලය බැති සිතින් ආරාධනා කර සිටිනවා.




