කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයක නගරාධිපතිවරයෙකු පත් කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ ජන මතයට ගරු කරමින් එක් එක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සිය පක්ෂය කටයුතු කරන බවයි.

කොළඹ නගරාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු යොමුකල ප්‍රශ්නයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන විට තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසුවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වන්නේ ජාතික ජනබලවේගය බවයි.