Published
අද උදෑසන 06යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට එක්වූ කොළඹ විසාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන මනුදි බුදාරා ශිෂ්‍යාව තමන් ලද අත්දැකීම පිළිබඳ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දැක්වූවා.
ප්‍රවෘත්ති නිවැරදිව සකස් කිරීම, ඒ සඳහා සූදානම් වීම, ශ්‍රාවකයින්ට නිසි ලෙස ග්‍රහණය වන පරිදි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් ජනතාවට සමීප කරවන සම්පූර්ණ ක්‍රියාවලියේ අත්දැකීම ප්‍රායෝගිකව ලබාදීම ද මෙහිදී සිදු වනවා. මෙම අත්දැකීම සෑම සති අන්තයකම උදෑසන 06.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ඉදිරියටත් ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්. ඒ අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකියාව ඇති පාසල් සිසුන්ට ඉදිරි සති අන්තවලදීත් නෙත් නිවුස් මැදිරියට පැමිණ ඊට ඉදිරිපත් විය හැකියි. ඒ සඳහා එම සිසුන් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන සිය හඬපටයක් 0 710 94 8 94 8 අංකයට වට්ස්ඇප් කළ යුතු වනවා.