කොළඹ සහ අවට ප්‍රදේශ රැසක අද සිදු කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්තත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ සහ රාජගිරිය යන ප්‍රදේශවලට අද පෙරවරු 10යි 30 සිට පැය 09ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබුණා. එමෙන්ම මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලද අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබුණේ.