ජාතික ජනබලවේගයට බලය හිමි කොළොන්න ප්රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත අද පරාජයට පත් වුණා. අද පෙරවරුවේ පැවති එම ප්රාදේශීය සභාවේ මාසික සභාවාරයේදී ලබන වසර සදහා වන අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කෙරුණු අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් සහ විරුද්ධව ඡන්ද 10 ක් ලැබී තිබෙනවා.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී කොළොන්න ප්රාදේශීය සභාවේ සභික ආසන 9ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට ආසන 10ක් හිමි වුණා. කෙසේවෙතත් ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීම සදහා පැවති රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය නියෝජනය කළ අපේක්ෂකයා එම රහස් ඡන්දය ජය ගනිමින් කොළොන්න ප්රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.
කොළොන්නාව ප්රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයට ආසන 05ක්, ශ්රී ලංකා පොදුජන පෙරමුණට ආසන 03ක්, එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් සහ සර්වජන බලය පක්ෂයට එක් ආසනයක් හිමි වී තිබෙනවා.




