ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර අද පස්වරු 06ට වීදි සංචාරය කෙරෙනවා. ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යයට සමගාමීව සිය විහාරස්ථානයේ දළදා සමිඳු වෙනුවෙන් නිර්මාණය කළ මාළිගාවද අද පෙරවරුවේ විවෘත කෙරෙන බවයි කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් පැවසුවේ.