Published
රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අතර 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
ඔවුන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අති නවීනතම ජංගම දුරකථන 559 ක් සහ ටැබ් පරිගණක 80 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




