පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 06: 30 සිට 07: 45 දක්වා සහ උදෑසන 11:30 සිට පස්වරු 02: 30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අද සිට අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ පසුගියදා කුලියාපිටිය, පල්ලේවෙල පාලම අසල පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරෙන් පසුව පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බවයි.
ඒ අනුව තවත් සති තුනකින් පමණ එය නීතියක් ලෙස ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර, අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අද සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කෙරෙන රථවාහන පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ.
පසුගිය කාලයේ සිදුවූ දරුණු අනතුරු හේතුවෙන් සහ ඉකුක් දා ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ.



