ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

ඒ අනුව එම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස 09ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨසය පැවසුවේ.

එම සිද්ධියට අදාළව ඊයේ දිනයේදී T-56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් 07 දෙනෙකු ගම්පහ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන් සම්බන්ධව රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.