නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නමැති සැකකරුගෙන්   කර ගත් තොරතුරකට අනුව ටී - 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා ඊයේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණා.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු අනුව අදාළ ජීව උණ්ඩ 50ක පමණ ප්‍රමාණයක් මහබාගේ පොලිස් වසමේ කෙරවලපිටිය අධිවේගි පිවිසුම ආසන්නයේ තිබී සොයා ගත් බවයි කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ.