පසුගිය සතියේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ කතාවේදී සිය නම සඳහන් කරමින් පළ කළ අදහසකට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්‍රතිචාර දැක්වූවා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල ලබන වසර වන විට දැකගත හැකිවනු ඇති බවයි උදය ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.