ගිංතොට දුම්රිය ස්ථානයේදී ඊයේ පීලි පැනීමකට ලක්වූ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් හරහා මේ වන විට දුම්රිය ධාවන කටයුතු සිදු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක් වුණේ මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබියදීයි. දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.