Published
ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබෙනවා. ඒ, සිය ටෘත් (Truth) සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින්. ඒ අනුව හෙට ග්‍රිනිජ් මධ්‍ය වේලාවෙන් පෙරවරු 10ට, එනම් වොෂින්ටන් වේලාවෙන් පස්වරු 06ට එකඟතාවයකට පැමිණිය යුතු බවයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ. එම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීමටද නියමිත බව එම වාර්තාවල දැක්වෙනවා.