Published
ඊශ්‍රායල සහ ගාසාහි සටන් විරාම සාම සාකච්ඡා ඉතා ඵලදායි මට්ටමෙන් පවතින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේදියි
යුද ගැටුම් අවසන් කිරීමට දැනට පවත්නා සාකච්ඡා හරහා හැකිවනු ඇති බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.
මාස 20කට අධික කාලයක් පුරා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම් පවතින අතර හමාස් සංවිධානය ද යුද්ධය අවසන් කිරීමට කැපවී සිටින බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සාම සාකච්ඡා පසුගිය ඉරිදා කටාර් රාජ්‍යයේ දී ආරම්භ වු අතර මේ වන තෙක් දෙපාර්ශවයට කිසිදු එකඟතාවයකට පැමිණීමට හැකියාව ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ