ධර්මාචාර්ය විභාගය 2019.05.25 තිබුණු අතර 2020.10.16 ප්‍රතිඵල නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර ප්‍රතිඵල 2024 ලබා දී ඇති බවත් මෙහි බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් නැවත නැවතත් විභාග පවත්වන්න පෙර පැවැති විභාගයේ ප්‍රතිඵල අනුව පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියා
සංවර්ධන නිලධාරී ක්ෂේත්රයේ 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් ලෙස කොවිඩ් කාලයේ සහ කොරොනා කාලයේ කටයුතු කළ බවත් මේ සභාවේ සිටින මැතිඇමතිවරු පවා මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වූ බවත් ඊට අමතරව සමථකරණ තීන්දුවක් ද ඇති බවත් එවැනි දෙයක් තිබියදී මොවුන් ගුරු සේවයට බඳවා ගත නොහැක්කේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ 16600 ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසත් උපාධි ඇබෑර්තු 52000ක් තිබිය දී රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් ඇති බවත් මොවුන්ට රැකියා ලබා දී ගුරු සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ගම්පහ වික්‍රමාරච්චි ආයතනයේ අනීතිකව විෂය නිර්දේශ වෙනස් කර ඇති බවත් දේශන ශාලා විද්‍යාගාර වැනි අඩුපාඩු රැසක් ඇති බවත් මේවා ගැන ද අවධානය යොමු කරන ලෙසද අද පාර්ලිමේන්තුවේදී පැවසීය.



