කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු අක්‍රිය වී තිබූ පරිගණක පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පස්වරු 04.15ට පරිගණක පද්ධතිය යළි සක්‍රිය කර ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව පැය 02 යි විනාඩි 30 ක කාළයක් එම පද්ධතිය අක්‍රිය වී පැවති අතර කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර තිබෙන දේශසීමා පරිගණක පද්ධතිය පස්වරු 01.45 සිට අක්‍රිය වී තිබෙන බවයි වාර්තා වන්නේ.