කීරි සම්බා වෙනුවට ආදේශක සහල් වර්ගයක් ඉන්දියාවෙන් ආනයන කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එහිදී චෝදනා කළේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එම තීරණය මගින් වාසි ලබාගෙන ඇති බවයි.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම චෝදනාවලට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට යළි රැස් වීමට නියමිතයි.