චීනය යනු සිය රට තුළ විදේශ මැදිහත්වීම්වල යෙදෙන වඩාත්ම ක්‍රියාකාරී බලවතා වන බව නවසීලන්තයේ ඔත්තු සේවය පවසයි. එම බුද්ධි ඒජන්සිය අනතුරු ඇඟවූයේ දශක කිහිපයකින් රට එහි දැඩිම ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දෙන බවයි. වර්ධනය වන විදේශීය ඇඟිලි ගැසීම් සහ ඔත්තු බැලීම් උපුටා දක්වමින් චීනය වඩාත් ක්‍රියාකාරී ත‍ර්ජනය ලෙස හඳුනාගෙන ඇති බව ද එහි සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක බුද්ධි සේවය සිය වාර්ෂික තර්ජන වාර්තාවේ පැවසුවේ නවසීලන්තය චීනය, රුසියාව සහ ඉරානය ඇතුළු රටවල් විසින් ඉලක්ක කර ඇති බවයි. ඔවුන් සාකච්ඡා සහ තීරණවලට බලපෑම් කිරීමට රහසිගත හෝ රැවටිලිකාර ක්‍රියාකාරකම්වල යෙදීමට හෝ මෙම ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන තාක්‍ෂණය සහ තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගැනීමට උත්සහ කරන බව ද නවසීලන්තය පවසයි.