චෙක් ජනරජයේ ජනාධිපති පීටර් පවෙල් සමඟ පැවැති සියලු ගනුදෙනු නවතා දැමූ බව චීනය නිවේදනය කර තිබේ. චීනය පවසන්නේ ඔහු පසුගිය මාසයේ දලයි ලාමා හමුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස මෙලෙස ඔහු සමග පැවැති සබඳතා අතහැර දැමූ බවයි. චීනයෙන් නැවත නැවතත් එල්ල වන විරෝධතා සහ දැඩි විරෝධය නොතකා පවෙල් දලයි ලාමා හමුවූ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියෑන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මෙම සිදුවීම චෙක් රජය විසින් චීන රජයට කරන ලද දේශපාලන කැපවීමට බරපතල ලෙස පටහැනි වන අතර, චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි කරන බව ද ලින් පැවසීය. චීනය මෙය දැඩි ලෙස හෙළා දකින අතර දැඩි ලෙස විරුද්ධ වන අතර චෙක් පාර්ශ්වයට බරපතල විරෝධතා ඉදිරිපත් කර ඇතැයි ද ලින් පෙන්වා දී තිබේ. එමෙන්ම ලින් පැවසුවේ පවෙල්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාවෙහි බරපතලකම සැලකිල්ලට ගනිමින්, ඔහු සමඟ ඇති සියලු කටයුතු නතර කිරීමට චීනය තීරණය කළ බව ද අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.