අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් චීනය සම්බන්ධයෙන් ආසියාවේ සිය මිත්‍ර පාර්ශවික රටවලට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව හෙග්සෙත් පවසා ඇත්තේ කලාපයට චීනය දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

එය සැබෑ සහ ආසන්න තත්වයක් බවත් හෙග්සෙත් පවසා තිබෙනවා.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ වාර්ෂික ෂැංග්‍රි-ලා සංවාදයට සහභාගී වෙමින් සිදු කළ කතාවේදීයි.

එමෙන්ම චීනය තායිවානයට එල්ල කරන හමුදාමය තර්ජනය පිළිබඳව ද හෙග්සෙත් එහිදී අදහස් පළ කර තිබිණි.

ඔහු අමෙරිකාවේ මිත්‍ර පාර්ශිකයින්ට ආරාධනා කළේ ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වියදම් කරන ලෙසයි.