තායිවානයේ මහාධිකරණය එරට හිටපු හමුදා සෙබළෙකුට වසර දෙකයි මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ, චීනයට රහසිගත ලෙස හමුදා ලේඛන ඡායාරූපගත කිරීම සහ එම තොරතුරු මුදා හැරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන් බව වාර්තා වේ.

වරදකරු කෙරුණු පුද්ගලයා චෙන් නමැත්තෙකු බව හඳුනා ගෙන තිබේ.

විත්තිකරු අමෙරිකානු ඩොලර් 2,700 ක ගෙවීමක් සඳහා ලියකියවිලි සම්මත කිරීම වෙනුවෙන් තායිවාම සන්නද්ධ හමුදාවන්ගේ අපරාධ නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බව අධිකරණය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

කෙසේවෙතත් විත්තිකරු හමුදා සේවයේ සිටියදී දැරූ නිලය හෝ ඔහු චීනයට ලබා දී ඇත්තේ කුමන වර්ගයේ රහස්‍ය තොරතුරු ද යන්න අනාවරණ වී නොමැත.