කවර හෝ දිනයක අපරාධයකට, දූෂණයකට, බලය අයුතු ලෙස භාවිත කිරීමකට හෝ මහජන ධනය අවභාවිත කිරීමකට කවරකු හෝ කටයුතු කරන්නේ නම්, ඒ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම ආකාරයෙන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, කොළඹ දී අද පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ හැඟීමක් සහ විශ්වාසයක් නිර්මාණය කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.