ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන මූලස්ථානයේදී ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් වී තිබෙනවා.
ජපාන විදේශ වෙළඳ සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනඟමින් වංචා සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවරද පැහැදිලි කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
Published