ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන අද පැවැත්වෙනවා. ඒ, මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදීයි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ කතානායක ජගත් වික්‍රමරත්න මහතායි. 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා ආරම්භ කෙරුණේ උතුරු පළාතේදියි. එහි පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ තුන්වන වැඩසටහන අද නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන අතර, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ විශිෂ්ටයෝ 360 දෙනකු එහිදී ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
Published