ජනපති සමාව අවභාවිත කරමින් සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊට මැදිහත් වුණා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද එහිදී අදහස් පළ කළා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ නැවත දැනුම්දෙන තුරු ජනාධිපති පොදු සමාව අහෝසි කර ඇති බවයි.

එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.

මේ අතර දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළ කළ අදහසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.

පසුව ඊට ප්‍රතිචාර දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සභාවේ නැගී සිටියා.