Published
ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි සංඥා කණුවකට අද පෙරවරුයේ පුද්ගලයෙකු නැග තිබෙනවා.. මීට පෙරද මෙම පුද්ගලයා ජනාධිපතිවරයා හමුවෙන්නට අවශ්‍ය බව පවසමින් මෙසේ විදුලි සංඥා කනුවකට නැග තිබෙන බවයි වාර්තා වන්නේ පොලිසිය පවසන්නේ යම්කිසි මානසික ආබාධයක් ඇති පුද්ගලයකු බවයි. පසුව පොලිසිය විසින් එම පුද්ගලයා කණුවෙන් බස්සවා කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.